l දේශපාලන වාර්තාකරු
විශ්වාසභංගය ජයග්‍රහණය කළහොත් ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් විසින් අගමැති අපේක්ෂකත්වයට නම්කර සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැඩි ලෙස කලකිරීමට පත්ව විශ්වාසභංග ඡන්දය දා හදිසියේම විදේශ ගතවූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ශ්‍රීල.නි.ප. මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා සිටියේද නිමල් සිරිපාල ද සිල්වා මහතාය. එහෙත් එදිනම ශ්‍රීල.නි.ප.යේ ඉහළ තලය සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව සිය සමීපතමයන් සමඟ පවසා ඇති නිමල් සිරිපාල මහතා ඡන්දයටවත් නොසිට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.