2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

එජාපයෙන් විශ්වාසභංග යෝජනා 07 ක්? - අගමැති ඉවත් කරගන්න කියයි

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

ගයාන් ගාල්ලගේ l

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප කැබිනට් ඇමැතිවරුන් 06 දෙනකුටත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටත් විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය සිකුරාදා විශ්වාසභංග යෝජනා 07 ක් කතානායකවරයා වෙත බාරදුන් බව කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා දේශයට පැවසීය.

මේ යෝජනා සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනකුගේ අත්සන් යොදා ඇති බවද ඒ මහතා කීය.

මේ අතර සිකුරාදා රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා විසින් එම විස්වාසභංග යෝජනාව ඉවත් කරගන්න ලෙසට එජාප මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.