
| දේශපාලන වාර්තාකරු
ඉදිරි සතියේ සිදුවෙතැයි අපේක්ෂා කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ යුතු ආකාරය ගැන අවසන් තීන්දු ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා එකඟ වී තිබේ.
විද්‍යානුකූල පදනමක් මත කැබිනට් සංශෝධනය සිදුකිරීමට සහ දැනට අමාත්‍යවරුන්ට පැවරී තිබෙන ඇතැම් විෂයන් වෙනස් කළ යුතු බවට මෙම නායකයන් තීන්දු කර ඇත. උසස් අධ්‍යාපනය සමඟ මහාමාර්ග විෂය එක් කිරීම, සීනි විෂය අමාත්‍යාංශ තුනකට පැවරීම වැනි නොගැලපෙන බෙදීම් වෙනස් කර නව අමාත්‍ය විෂයන් සකස් කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි.