
I ගයාන් ගාල්ලගේ
අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කරන බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා “දේශයට” පැවසීය.
එ.ජා.ප.යේ මැති ඇමැතිවරුන් විවිධ මතවාද දැරුවත් එළඹෙන 4 වැනිදා විශ්වාසභංගය පරාජය කරන බව හෙතෙම සඳහන් කළේය.
කවුරුන් හෝ අයකු ආණ්ඩුව පෙරළන්නට උත්සාහ ගන්නවා නම් එසේ කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා ජනතා ඡන්දයෙන් තේරී පත්වූ අයකු බවත් අමාත්‍යවරයා කීය.