2018 මාර්තු 31 වන සෙනසුරාදා

දිනුවත් නැතත් ආණ්ඩුවෙන් යනවා - ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 475

I ගයාන් ගාල්ලගේ

අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය ජයග්‍රහණය කළත් නැතත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව විද්‍යා පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දේශයට පැවසීය.

අගමැතිවරයාට විශ්වාසභංගය ගෙනැවිත් යම් ආකාරයකින් පරාජය වුවහොත් නැවත සදාචාරාත්මක ලෙස අගමැතිවරයා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ අසුන් ගැනීමට නොහැකි බව හෙතෙම කීය. කෙසේ වෙතත් තමා පමණක් නොව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ටද ඊට පසු ආණ්ඩුවත් සමඟ ගනුදෙනු කළ නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ වැඩ කටයුතු නිසා රටේ ආණ්ඩුවක් තිබේද යන්න සැකයක් තිබෙන බවත් මේ සියලු කාරණා ඉවසා සිටි බවද අමාත්‍යවරයා පැවසීය. එසේ ඉවසා සිට අවසාන පියවර ලෙස මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා කීය.