2018 මාර්තු 31 වන සෙනසුරාදා

ශ්‍රීලන්කන් සමාගමට නව සභාපතිවරයෙක්

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

I සංජීවිකා සමරතුංග

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්, නව ප්‍රධාන විධායකවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රීලන්කන්හි නව සභාපතිවරයා ලෙස එන්.ඩී.බී. බැංකුවේ හිටපු සභාපතිවරයකු වන රන්ජිත් ප්‍රනාන්දු මහතා පත් කෙරේ. ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙයට කලකට පෙර එමිරේට්ස් ආයතනය නියෝජනය කරමින් ප්‍රධාන විධායක ධූරයේ කටයුතු කළ පීටර් හිල් මහතා පත් කෙරෙන බවද සඳහන්ය. ඉදිරි දින කිහිපය තුළ නව අධ්‍යක්ෂ මණ්ඩලය ද පත් කෙරේ.