
l දේශපාලන වාර්තාකරු
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එකඟතාවකට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.
යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා ඊට අදාළව දුරකථන සාකච්ඡා දෙකක් පවත්වා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. මෙම සාකච්ඡාවලදී අදාළ යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් කටයුතු කළයුතු ආකාරය ගැන අදහස් හුවමාරු වී ඇත. මෙම සාකච්ඡා ගැන වැඩිදුර විස්තර අනාවරණය නොවෙතත් එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සක්‍රීය බැරකම් පනත රටට සහ ආර්ථික ක්‍රියාවලියට බෙහෙවින් හානිකර පනතක් බැවින් එය අත්හිටුවන ලෙස හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වෙයි.