2018 මාර්තු 24 වන සෙනසුරාදා

විශ්වාසභංගයට ජවිපෙ සහාය

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

රජිත ජාගොඩ ආරච්චි l

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයට ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ සහයෝගය හිමිවන බව එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.

විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු 14ම ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා බවත් පොරොන්දු වූ පරිදි හොරකම් දූෂණ වංචා වැළැක්වීමට කටයුතු නොකිරීම, හොරු අත්අඩංගුවට නොගැනීම වැනි තවත් චෝදනා අගමැතිවරයාට එරෙහිව ගොනුකළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

විශ්වාසභංගය ජයගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගේ අත්සන් වුවමනා අතර දැනටමත් විශ්වාස භංගය සඳහා මන්ත්‍රීවරු 55 දෙනෙකු අත්සන් තබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු සභික සංඛ්‍යාව 06කි.