
I සංජීවිකා සමරතුංග
මාසයකට පමණ පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකළ නමුත් නව අමාත්‍යවරුන්ට පැවරෙන විෂය කාර්යයන් ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් නොකිරීම නිසා අදාළ අමාත්‍යංශවල මූල්‍ය කටයුතු මෙන්ම පරිපාලන කටයුතුද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවෙයි.
නව අමාත්‍යවරුන්ට පත්වීම් ප්‍රදානය කළ නමුත් විෂය කාර්යයන් හා ඔවුන්ට අයත් ආයතන කවරේද යන්න ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කරනතුරු සිදුකෙරෙන මූල්‍ය කටයුතු හා පරිපාලන කටයුතු පිළිබඳ වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න හටගෙන ඇතැයි සඳහන් වෙයි.
විදේශ රැකියා, නීතිය හා සාමය, තරුණ කටයුතු ආදී අමාත්‍යංශ ගණනාවක අමාත්‍යවරුන් වෙනස් වූ බැවින් ඊට අදාළ විෂය කාර්ය සහ ආයතනවල ගැසට්ටුව නිකුත්වෙන තෙක් තමන් බලා සිටින බව නම් සඳහන් කිරීමට අකමැති වූ අමාත්‍යංශ ලේකම්වරයෙක් දේශයට පැවසීය.