
I සංජීවිකා සමරතුංග
යෝජිත පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එහෙත් රජය කලින් කියා සිටියේ මෙම මාර්තු මස 31දාට පෙර මැතිවරණ දිනය ප්‍රකාශ කරන බවයි.
පළාත් සභා මැතිවරණය කල්දැමීමට තීන්දු කිරීම නිසා පසුගිය 22දා සම්මත කරගැනීම සඳහා මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත වූ පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාව එදින සභාගත නොකෙරුණි. එය පසුවට කල් දමන බව පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. පළාත් සභා සීමා නිර්ණය වාර්තාව මැතිසබයේ 2/3 ක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ අසීරුවද මීට බලපා ඇතැයි කියැවේ.
කෙසේ හෝ සීමා නිර්ණයන් මැතිසබයේ සම්මත වනතුරු යෝජිත නැගෙනහිර සබරගමුව හා උතුරුමැද පළාත් සභා ඡන්දය කල් දැමෙනු ඇත.