
දූෂණ වංචා සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැනවීමට බලතල සහිත විශේෂ අධිකරණයක් හෝ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම පිළිබඳ නීතිපතිවරයාගේ තීරණය සහිත උපදෙස් මාලාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් විසින් මෙබඳු අධිකරණයක් හෝ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් පිහිටුවීමට අදාළ යෝජනාවක් පසුගියදා සම්මත කළෝය. ඒ ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය මෙකී යෝජනාව නීතිපතිවරයා වෙත යැවීය.
නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් මෙම යෝජනාව ගැන විශේෂ අධ්‍යයනයක් කර ඇත. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත්ව මෙබඳු අධිකරණ ආයතනයක් ස්ථාපිත කිරීමටත් ඒවායේ නඩුවලදී වැරදිකරුවන් වන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි දඬුවම් පැනවීමත් කළ හැකිද යන්න ගැන නීතිපතිවරයාගේ තීරණය අමාත්‍ය මණ්ඩලයට දන්වනු ඇතැයි දේශයට වාර්තා වෙයි.
I අධිකරණ වාර්තාකරු