2018 මාර්තු 17 වන සෙනසුරාදා

Facebook පිටු ගලවන්න සැරසෙයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

I ගයාන් ගාල්ලගේ

මින්පසු ෆේස්බුක්හි ජාතිවාදී, ආගම්වාදී වෛර සහගත හැඟීම් දැනවෙන අදහස් පළකරන්නේ නම් අදාළ ෆේස්බුක් පිටුව සම්පූර්ණයෙන් ඉවත් කර දැමීමට එම සමාගමේ පාලන අධිකාරිය විසින් ශ්‍රී ලංකා රජයට පොරොන්දු වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් (දේශයට) පැවසීය.

රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සමාගම ඊට එම එකඟත්වය පළකර ඇත.

මහනුවර සිද්ධිය ඇතිවීමෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් ෆේස්බුක් සමාගමට දැනුම් දී ඇත්තේ ජාතිවාදී ප්‍රකාශ නවතා දැමීම සඳහා එම සමාගමට කළහැකි දේවල් දන්වන ලෙසටය. නමුත් එම සමාගම ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන්ට කිසි දෙයක් කළ නොහැකි බවත් එවැනි ජාතිවාදී ප්‍රකාශ සිදුවන බවට තම සමාගමට දැනගන්නට නැති බවත්ය.
එහෙත් රජය පසුගිය අඟහරුවාදා ෆේස් බුක් වාරණය කිරීමත් සමග එම සමාගම දන්වා ඇත්තේ තම සමාගමට අදාළ ජාතිවාදී ප්‍රකාශ සිදුකරන්නන් ඉවත් කිරීමට හැකියාව තිබෙන බවය. ඊට එකඟ වන බවද සමාගම දන්වා තිබේ.