2018 මාර්තු 17 වන සෙනසුරාදා

ජනපතිවරණයට ෆොන්සේකාත්?

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1047

I ගයාන් ගාල්ලගේ

රටේ අවශ්‍යතාවය සහ ජනතාවගේ ඉල්ලීම මත එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තමන් ඕනෑම විටක සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ දේශය කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

තමන් ඉතිහාසයේ සිටම අභියෝග බාරගත් අයකු බවත් ඒ නිසා ජනතාව ලබාදෙන ඕනෑම අභියෝගයක් මඟනොහැර තමන් බාරගන්නා බවද අමාත්‍යවරයා කීය.

එසේම පොදු අපේක්ෂක සංකල්පය හරහා බලාපොරොත්තු වූ කාරණා ඉටුනොවුණු බවත් එය තමන්ගේ පෞද්ගලික මතය බවත් හෙතෙම සඳහන් කළේය.

ඔබට රාජයෝගයක් ඇත්දැයි කළ විමසුමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට රාජයෝග පමණක් නොව මාරක අපල ද තිබූ බවයි.