2018 මාර්තු 17 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දෙට දිනය ළඟදීම

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I සංජීවිකා සමරතුංග

මේ වසරේ පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණයට දින නියම කිරීම සීමා නිර්ණය කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සිදුවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය සඳහා කොට්ඨාස බෙදා වෙන්කිරීමට පත් කළ සීමා නිර්ණය කොමිසම කොට්ඨාස බෙදීම හමාර කර තිබේ. දැන් එහි වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට බාරදී ඇත. බොහෝවිට එය මේ මස අවසන් භාගයේ මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.