2018 මාර්තු 17 වන සෙනසුරාදා

ජනපති නවදිල්ලියේදි සෝල්හයිම් හමුවෙයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

I සංජීවිකා සමරතුංග

ඉන්දියාවේ සංචාරයක් සඳහා පසුගියදා නවදිල්ලියට ගිය ජනාධිපතිවරයා සහ නෝර්වේ රාජ්‍යයේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් අතර විශේෂ හමුවක් නවදිල්ලියේ දී සිදුව තිබේ.

සෝල්හයිම් මහතා ද නවදිල්ලි බලශක්ති සමුළුව සඳහා පැමිණ සිටි බව කියැවුණි. ඔහු හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව සම්බන්ධව මාධ්‍යයට කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

සෝල්හයිම් මහතා මෙලෙස නැවත කරළියට පැමිණියේ මෙයට වසර ගණනාවකට පෙර මෙරට යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වෙනුවෙන් ක්‍රියා කළ සාම නියෝජිත භූමිකාවෙන් කලකට පසුය.