
I ගයාන් ගාල්ලගේ
පළාත් පාලන ආයතනවලට අලුතින් තේරී පත්වූ සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ගේ නාම ලේඛනය ගැසට් කිරීම සඳහා මෙම සති අන්තයේ රජයේ මුද්‍රණාලය වෙත යොමුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා (දේශයට) පැවසීය.
පසුගිය සතිය පුරාම අදාළ ජයග්‍රාහී පක්ෂවලින් සිය සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ගේ නාමලේඛන කැඳවූ බවත් ඒ සියල්ල එකතු කොට සකසා රජයේ මුද්‍රණාලය වෙත යොමුකරන බවද ඒ මහතා කීය.
එසේම පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවත් එහි හරි වැරදි බලා ඉක්මණින් මුද්‍රණය කරනු ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මස අවසානයේ සියලුම සභාවන් වල රාජකාරි ආරම්භ කළහැකි බව දේශප්‍රිය මහතා පැවසීය.