
රජිත ජාගොඩ ආරච්චි l
මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා හානියට පත්වූ ජීවිත සහ දේපළ හානි සඳහා කඩිනමින් වන්දි සැපයීමට අවශ්‍ය මුදල් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් යටතේ ජාතික රක්ෂණ භාර අරමුදලෙන් හෝ ආපදා සහන අරමුදලෙන් ඉදිරියේදී වෙන් කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජී.එල්.එස්. සේනාධීර මහතා දේශයට පැවසීය.
ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මධ්‍යම පළාතට තක්සේරුකරුවන් පිටත් කොට ඇති බවද එම තක්සේරු ලබාගත් වහාම වන්දි පිරිනැමීමේ කාර්යය ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.