2018 මාර්තු 10 වන සෙනසුරාදා

පොලීසිය අලුත් කරන්න අලුත් ඇමැති අත ගසයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I දේශපාලන වාර්තාකරු

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්ම වැඩ කොටස ඉටුකරන ශ්‍රී ලංකා පොලීසියේ කටයුතු ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ගයන් ගැනීමට අදහස් කරන බව නව අමාත්‍යධුරයේ දිව්රුම් දීමෙන් පසු නීතිය සහ සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “දේශයට” පැවසීය.

ශ්‍රී ලංකා පොලීසිය මහජන හිතකාමි පොලීසියක් වියයුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ජාතික ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් පොලිස් සේවාවෙන් උපරිම කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් තිස්වසරක කුරිරු යුද්ධයේ පාඩම් ඉගෙනගත් ජාතියක් වශයෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් අනාගත පරපුරට යහපත් හා සාමකාමී රටක් උරුමකර දීමට ක්‍රියාමාර්ග ගතයුතු යැයිද අමතිවරයා කීය.