2018 මාර්තු 10 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දෙට අතයි පොහොට්ටුවයි එකට?

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

I සංජීවිකා සමරතුංග

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගෙන ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා තරග කිරීමට ශ්‍රීල.නි.ප.ය තීන්දු කර ඇත.

ශ්‍රී.ල.නි.පය මෙම තීන්දුව ගත්තේ පසුගියදා ජනාධිපතිවරයා හා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් අතර පැවති විශේෂ හමුවකදීය. පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා බෙදාගෙන තරග කිරීම ගැන මෙම සාකච්ඡාවේදී දීර්ඝව කතාබහ වී ඇත. එහි ආරම්භක පියවරක් ලෙස ශ්‍රීල.නි.ප.යේ කණ්ඩායම් සියල්ල එකතුකොට තනි මැදි දිනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීමට ද තීන්දු කෙරිණි. මේ ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ නැවත සාකච්ඡා කිරීමට ශ්‍රීල.නි.ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද තීන්දු වූ බව දේශයට වාර්තා වෙයි.