2018 මාර්තු 10 වන සෙනසුරාදා

146 ක් දැලේ : පාසල් වයසේ දෙදෙනෙකුත් ඒ අතර

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

සමන්ත ප්‍රදීප් විල්තෙර l

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදුවූ සිද්ධීන් 51කට අදාළව සිකුරාදා (09) සවස් වනවිට පුද්ගලයන් 146 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සිකුරාදා (09) මාධ්‍ය හමුවේදී පැවසීය.
එසේම ඊට අමතරව ෆේස් බුක් හරහා ජාතිවාදය වැපිරෙන ලෙස වෛරී අදහස් පැතිරෑ පාසල් යන වයසේ දෙදෙනෙකුද කොල්ලුපිටිය සහ හෝමාගමින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස 17ත් 18ත් අතර පසුවන්නන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කෙසේ වෙතත් මෙම කලහකාරී සිද්ධියට අදාළව මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා ඇතුළු කිහිප දෙනෙකුගෙන් පසුගිය සිකුරාදා වනවිටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියේය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ පොලීසිය විසින් සිදුකරනු ලබයි.