I ගයාන් ගාල්ලගේ
රටේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන ගැටලුකාරී අවස්ථාවන්වලදී පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විශේෂයෙන් මහජන නියෝජිතයනුත්, මහජනතාවත් පොලීසියට විවිධ චෝදනා එල්ල කිරීම නිසා මෙම පරීක්ෂණය ආරම්භ කළ බව එහි නියෝජිතයකු සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන සතියේ දී එම ප්‍රදේශවල සංචාරය කිරීමට පොලිස් කොමිසමේ පිරිසක් පිටත්ව යාමට නියමිතව තිබේ.