2018 මාර්තු 10 වන සෙනසුරාදා

ඉන්දියා අගමැතිගෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඉල්ලීම් 2ක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

l දේශපාලන වාර්තාකරු

ත්‍රිකුණාමලයේ ස්ථාපිත කර තිබෙන තෙල් ටැංකි අංගනය බදු පදනම යටතේ ඉන්දියාවට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඉන්දීය අගමැතිවරයා සූදානමින් සිටින බව ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ඉල්ලීම කරනු ඇත්තේ මේ සති අන්තයේ දෙදින චාරිකාවක් සඳහා නවදිල්ලියට පැමිණෙන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනි. එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට පවරා දෙන මෙන්ද විශේෂ ඉල්ලීමක් කෙරෙනු ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එසේම දැනට මන්දගාමීව ඉදිරියට ඇදෙන ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයිද එරට නායකයා ශ්‍රී ලංකා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට අපේක්ෂිත බවද දැනගන්නට ඇත. සති අන්තයේ දෙදින චාරිකාවකට නවදිල්ලියට පැමිණෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනතුරුව තවත් තෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යයි.