2018 මාර්තු 03 වන සෙනසුරාදා

නායකයට එරෙහි කිසිවෙක් එජාපයේ නෑ - කිරිඇල්ල

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

ගයාන් ගාල්ලගේ l

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන කිසිදු විශ්වාසභංගයකට එජාපයේ සහයෝගයක් නොලැබෙන බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විශේෂයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතා ගෙන එන බව කියන විශ්වාසභංගය එජාපයේ මතයක් නොවන බවත් ඊටද සහයෝගය නොලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

එජාපයේ ප්‍රශ්න පක්ෂ අභ්‍යන්තරයේ විසඳාගත යුතු ප්‍රශ්න මිස එළියේදී හෝ වෙන අයට හෝ එම ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැති බවත් හෙතෙම කීය.