2018 මාර්තු 03 වන සෙනසුරාදා

රංගේ බණ්ඩාරට විරුද්ධව පසුපෙළ මන්ත්‍රීන්ගෙන් පැමිණිල්ලක්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I ගයාන් ගාල්ලගේ

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක් පක්ෂයේ මහ ලේකම්වරයාට පැමිණිලි කිරීමට තීරණය කළ බව එම කණ්ඩායමේ නම් සඳහන් කිරීමට අකමැති මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

ඔහු ජ්‍යෙෂ්ඨයකු වශයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු සිදු කළ යුතු බවත්, පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු නොකළ යුතු බවත් දන්වා එම ලිපිය ලබාදෙන බව මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකයාට හෝ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව සිදු කරන කිසිදු වැඩ පිළිවෙළකට සහය නොදෙන බව දැන්වීමට ද නියමිත ඇතැයි හෙතෙම සඳහන් කළේය.