2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 623

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන සාකච්ඡාවක් සඳහා තමන් මුණගැසෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළේය.

පසුගියදා හදිසියේම හිටපු ජනාධිපතිවරයා ඇමතූ ජනාධිපති සිරිසේන මහතා පවත්නා දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවකට තමන් හමුවිය හැකිදැයි විමසා තිබේ. එවිට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ එළඹෙන තත්ත්වය අනුව ඒ ගැන තීන්දුවක් ගත හැකි බවයි. කෙසේ වෙතත් මෙතෙක් සාකච්ඡාව සඳහා දින නියම කරගෙන නැත.

ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම ඥාතිවරයකු මෙම සාකච්ඡාව සඳහා මැදිහත්ව ඇතැයි පැවසේ.