
I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් සිදුකිරීමට තවම කිසිදු තීරණයක් ගෙන නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (දේශයට) පැවසීය.
විවිධ කටකතා පැතිරුණත් පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇතිකරන්නේ නම් දැනගන්නට ලැබෙන බවත් එහෙත් තවම එවැනි දෙයක් පක්ෂය තුළ සාකච්ඡා වී නොමැති බවත් අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් ඉදිරියේදී පක්ෂයේ ප්‍රධාන පෙළේ එක් තනතුරක වෙනසක් ඇතිවීමට ඉඩකඩ ඇති බව නම ප්‍රකාශ කිරීමට අකැමැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.