2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් කොමිසමේ පැමිණිල්ල මෙහෙයවීමට නීල් උණම්බුව

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I අධිකරණ වාර්තාකරු

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල පසුගිය රජය කාලයේ සිදු වූ දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්  ජනාධිපති නීතීඥ නීල් උණම්බුව මහතා පත් කර ඇත. ඔහුට සහය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හය දෙනෙක් පත් කරනු ලැබ සිටිති.