
I ගයාන් ගාල්ලගේ
පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තා පාර්ලිමේන්තුවට යොමුකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය ලේකම් කමල් පද්මසිරි මහතා (දේශයට) පැවසීය.
කමිටු වාර්තාව පසුගිය සඳුදා අමාත්‍යංශය ලබාදුන් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව යොමුකරන බව හෙතෙම සඳහන් කළේය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර අඩුපාඩු සකසා ජනතාවගේ අදහස්ද ගෙන අදාළ සීමා නිර්ණ කටයුතු නිමාකරන බව ලේකම්වරයා කීය.