l දේශපාලන වාර්තාකරු
2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
නවක මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන්නේ අඩුම වශයෙන් වසර 5ක කාලයක් මැතිසබයේ සිටියහොත් පමණි. එබඳු මන්ත්‍රීන්ට දැනට ලබන වැටුපෙන් 1/3ක් විශ්‍රාම වැටුප ලෙස ලබාගත හැක.
2015 මන්ත්‍රී පදවියකට පත් වූ මන්ත්‍රීන්ගේ සේවා කාලය වසර 5කට පෙර හමාර වුවහොත් ඔවුහු විශ්‍රාම වැටුප් හිමිකමට සුදුසුකම් නොලබති. එබැවින් මන්ත්‍රීන් තෝරාපත් කරගෙන වසර 5ක් ගතවනතුරු පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමක් සිදු නොවනු ඇතැයි මේ ගැන (දේශයට) විශේෂයෙන් කරුණු දැක් වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.