2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

බහුතරය නැති සභාවල සභාපති තේරීම ඡන්දයෙන්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ගයාන් ගාල්ලගේ l

අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

ඒ බව පනත මගින් සඳහන් කර ඇති බවත් තමන්ගේ මතය අනුව හොඳම තෝරා ගැනීම විවෘත ඡන්දය බවත් හෙතෙම සඳහන් කළේය.

කිසිදු විටක පළාත් පාලන මැතිවරණ පනතෙහි සංශෝධන සිදු නොකරන බවද අමාත්‍යවරයා කීහ.