
ගයාන් ගාල්ලගේ l
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සියයට 25ක කාන්තා නියෝජනයක් තහවුරු වී නැති බැවින් මැතිවරණ ප්‍රතිඵල ගැසට් කිරීම දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණ පනතින් සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබේ. එහෙත් ඡන්ද ප්‍රතිඵලය අනුව සියයට 25ක කාන්තා නියෝජනය ඇතුළත් කිරීමට හැකි වී නැත. ඒ නිසා සංශෝධිත පාර්ලිමේන්තු පනතක් මගින් කාන්තා නියෝජන සම්බන්ධව විධිමත් විධිවිධාන සකස් කළයුතුව තිබේ.
කෙසේ වෙතත් ප්‍රතිඵල ගැසට් කරන තුරැ සභාවන් ආරම්භ කිරීමට නීතිමය අවසරයක් නැත.