
I ගයාන් ගාල්ලගේ
තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පක්ෂ දෙක අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා මැතිවරණයෙන් පසුව ආරම්භ කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.
ඒ සඳහා පක්ෂ දෙකෙන්ම කණ්ඩායම් දෙකක් පත්කිරීමටද නියමිතව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණයෙන් පසුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයත් රැස්ව සාකච්ඡා කොට ඊට කණ්ඩායම් දෙකක් පක්ෂ දෙකෙන් පත්කිරීමට නායකයන් තීරණය කර ඇතැයි අමාත්‍යවරයා කීය.
පසුගිය කාලයේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ යම් යම් මතවාදී ගැටුම් ඇතිවීමත් ඇතැම් අමාත්‍යවරුන්ට චෝදනා එල්ලවීමත් නිසා ගිවිසුම අලුත් කොට අමාත්‍ය මණ්ඩල වෙනසක් සිදුකළ හැකි බව එම අමාත්‍යවරයා පැවසීය.