2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මංගල සැසි ගැසට් එකෙන් පස්සේ

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

ගයාන් ගාල්ලගේ l

පළාත් පාලන ආයතනවල මංගල සැසි ආරම්භ කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ මැතිවරණ කොමිසම විසින් අදාළ ඡන්ද ප්‍රතිඵල ගැසට් කිරීමෙන් අනතුරුව බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා දේශයට පැවසීය.

කොමිසමේ සභාපතිවරයා ප්‍රතිඵල ගැසට් කිරීමෙන් අනතුරුව පළාත් පාලන පනතේ නීති ප්‍රකාරව අදාළ මංගල සැසිය ආරම්භ කරන බවත් ඊට පෙර පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවන්නේ කෙසේද යන්න පක්ෂවලට තීරණය කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.