2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

70 වැනි නිදහස් උළෙල අද ගාලු මුවදොර

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

70 වන අභිමානවත් නිදහස් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) උදෑසන 8.00ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයකු වූ දෙවැනි එළිසබෙත් මහා රැජනගේ පුත්‍ර එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිය වන සොෆි රයිස් ජෝන්ස් කුමරිය සහභාගීවීමට නියමිතව ඇත. මීට අමතරව ලෝකයේ රජ පවුල් කිහිපයක සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරතුමා ඇතුළු මැති ඇමැතිවරු ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරාධිතයන් රැසක් සහභාගී වීමට නියමිත මෙම උත්සවය තුළ ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික අංග රැසක් පැවැත්වෙන බව සඳහන් වේ.