2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සිහින දූපතට කෝටි 250 ක්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 356

I සංජීවිකා සමරතුංග

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය අසල ඉදි කෙරෙන සිහින දූපත (ෆැන්ටසි අයිලන්ඩ්) සඳහා රුපියල් කෝටි 250ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කරන බව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා දේශයට කීය.

මෙය සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් බව පැවසූ හෙතෙම ආරම්භයේදී අයිස් උද්‍යානය හා කළම්බු අයි නමින් හැඳින්වෙන කැරකෙන රෝදය රුපියල් මිලියන 500ක වියදමින් ඉදි කරන්නට පෞද්ගලික ආයෝජකයන් බාරගෙන ඇතැයි පැවසීය. මේ හැර දුනු විදීම, රෝලර් කෝස්ටර් ඇතුළු විවිධ විනෝදාංශ මෙම සිහින දූපත තුළ ස්ථාපිත කෙරේ.