2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පළාත් සභා 3ක ඡන්ද දිනය අප්‍රේල් කියයි!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

I සංජීවිකා සමරතුංග

පළාත් සභා මැතිවරණය සඳහා කරන ලද සීමා නිර්ණය කටයුතු බොහෝ දුරට හමාර වී ඇති නිසා ලබන අප්‍රේල් පමණ වනවිට කල් දමන ලද පළාත් සභා තුනේ ඡන්දය ප්‍රකාශයට පත්කළ හැකි වෙතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට කීය.

දැනට සිදුකර තිබෙන සීමා නිර්ණය කටයුතු අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට එක් පළාත් සභා මන්ත්‍රීවරයකු පත්වීමට ඉඩ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය හෝ මන්ත්‍රීන් තෝරා ගන්නා ආකාරයට අදාළ නීති රීති, නැවත සංශෝධනය නොකළහොත් ස්ථාවර පළාත් සභා පවත්වාගෙන යාම අසීරු වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. දැන් පවතින පළාත් සභා නීතිය අනුව මන්ත්‍රීන් තෝරා ගන්නේ කොට්ඨාස මට්ටමින් 50% හා ජාතික ලැයිස්තුවෙන් 50% වශයෙනි.