
I සංජීවිකා සමරතුංග
තම කණ්ඩායම අනාගතයේ පිහිටුවන රජයකින් මුලින්ම ඉටු කරන කාර්යය වන්නේ සද්භාවයෙන් රජයට සේවය කරන නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනතක් සම්මත කිරීම බව හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වත්මන් රජය යටතේ රාජ්ය සේවකයා වැඩ නොකරන්නේත් තීරණ නොගන්නේත් ඉදිරියේදී තමන්ට සිරගත වීමට සිදු වෙතැයි යන බිය නිසා බව රාජපක්ෂ මහතා තවදුරටත් කීය.
රජයේ තීරණයක් ක්රියාත්මක කිරීමේ හේතුවෙන් රාජ්ය සේවයේ ප්රධානියා වූ ජනාධිපති ලේකම්වරයා සිරගත කළ වත්මන් පාලන තන්ත්රයෙන් රාජ්ය සේවකයාට කිසිදු සුගතියක් අත්පත් නොවන බැවින් ඔවුන්ටත් සමස්ත ශ්රී ලංකාවාසී ජනතාවටත් ආරක්ෂාව සහ ආර්ථික ප්රතිලාභ ලබාදීම සඳහා තමන් දැඩි ලෙස කැපවන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.