
I දේශපාලන වාර්තාකරු
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව තමන් ඉදිරියේදී ගනු ලබන පියවර දැනුම්දීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හෙට (සඳුදා) උදෑසන 9.00ට හදිසි දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීමට සහභාගී වන ලෙස සිකුරාදා (26) ශීඝ්රගාමී තැපෑලෙන් මැතිසබය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට ලිඛිත දැනුම්දීමක් කර ඇතැයිද දේශයට වාර්තා වෙයි.
මෙම පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභා වාර්තා සම්බන්ධව ජනාධිපතිවරයා විසින් ගනු ලැබීමට අපේක්ෂා කරන විශේෂ නෛතික පියවර සම්බන්ධයෙන් තීරණාත්මක ප්රකාශයක් කරනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.