
අලියගේ තරම ජන්දෙදි බලාගන්න - එජාපය
මන්ත්‍රී නලින් බණ්ඩාර
ශ්රීලනිපය සහ පොහොට්ටුව බැඳුම්කර සිද්ධිය ආයුධයක් කරගනිමින් එජාපයට පහර දුන්නත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී අලියගේ තරම දැකගත හැකි බව කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා “දේශයට” පැවසීය.
බැඳුම්කර චෝදනාවේදී අග්‍රාමාත්‍යවරයාට විවිධ චෝදනා කළත් එතුමා නිර්දෝෂී පුද්ගලයකු බව දැනටමත් තහවුරු වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනතාව අග්‍රාමාත්‍යවරයා පිරිසුදු පුද්ගලයකු බව දන්නා නිසා පෙබරවාරි 10 වැනිදා එය ඡන්දයෙන් ඔප්පු කරන බව මන්ත්‍රීවරයා කීය.

ක්ලීන් අයගේ ඡන්දය අපටයි - ශ්‍රීලනිප
අමාත්‍ය ලක්ෂ්මන් යාපා
දේශපාලන වාර්තාකරු l
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන චෝදනා ලැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ වෙළෙඳ සමාගම්වල බැංකු ගිණුම් සියල්ල අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගිය සතියේ තීන්දු කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
යම් ආකාරයකින් ශ්‍රීලනිපයට වැඩි ඡන්ද නොලැබුණොත් මේ රටේ දූෂණය වංචාවට ජනතාව කැමැත්ත පළකිරීමක් බවද හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් එජාපයේ ඇතැම් අය බැඳුම්කර චෝදනාව සාධාරණීකරණය කරන්න උත්සාහ කළත් ඇත්ත හොරුන් කවුදැයි කුඩා දරුවකු පවා දන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.