2018 ජනවාරි 20 වන සෙනසුරාදා

රනිල්ගේ ප්‍රකාශයට බැඳුම්කරයට විවාද 2ක් ඉල්ලයි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

I දේශපාලන වාර්තාකරු

මහ බැංකු බැඳුම්කර වාර්තාව ගැන මෙන්ම පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කරය ගැන මැතිසබයේදී කළ ප්‍රකාශය ගැනත් විවාද දෙකත් ලබාදෙන ලෙස හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටීමට තීන්දු කළ බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (දේශයට) පැවසීය.

මහ බැංකු බැඳුම්කර වාර්තාව ගැන විවාදයට අවම වශයෙන් දින දෙකක්වත් වෙන්කළ යුතු යැයි විශේෂයෙන් ඉල්ලා සිටින බව ගුණවර්ධන මහතා පැවසීය. පිටු දහසකට වඩා විශාල වාර්තාවක් නිසා ඒ ගැන කරුණු දැක්වීමට අවම වශයෙන් එබඳු කාලයක් ලබාදිය යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේම අග්‍රාමාත්‍යවරයා බැඳුම්කරය ගැන කළ විශේෂ ප්‍රකාශය මගින් රටේ බැඳුම්කර වෙළෙඳපොළ අසීරුවට පත්කළ බැවින් ඒ ගැනද එක් දින විවාදයක් ඉල්ලන්නේ යැයි ඔහු වැඩිදුරටත් කීය.