2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ඡන්දෙන් පස්සේ කැබිනට් අනයි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 643

I දේශපාලන වාර්තාකරු

පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ ප්‍රධානම කැබිනට් විෂයන් තුනක ඇමැති පදවි වෙනස් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එ.ජා.ප.යට දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

මෙම වෙනස් කිරීම සඳහා යෝජනා කර ඇති විෂයන් මෙහෙයවන වර්තමාන අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපය අවස්ථා ගණනාවකදී රාජ්‍ය ප්‍රතිපත්තිය හා ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය සමඟ ගැටෙන බව ඔහු එ.ජා.ප.යට දන්වා තිබේ.

පසුගියදා තමන් වෙත ලබාදුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව මගින්ද එක් ප්‍රබල අමාත්‍යංශයක් ක්‍රියාකර ඇති වගකීම් විරහිතභාවය තහවුරු වන බැවින් තමන්ටද පාලනයක් ඇති අමාත්‍යවරුන් මෙම ප්‍රබල විෂයන් මෙහෙයවිය යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.