
දේශපාලන වාර්තාකරු l
වත්මන් ජනපතිගේ ධූර කාලය 2021 දක්වා පවතී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කළහොත් මීළඟ ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු යැයි එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී යෝජනා කර ඇත.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයට බලපාන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළහොත් පමණක් මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අදහස් කරන බව පැවසේ.
පසුගිය බ්‍රහස්පතින්දා හවස පැවැති විශේෂ මන්ත්‍රී හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් විය. කෙසේ හෝ ඉදිරියේ ලැබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මේ ගැන ජ්‍යෙෂ්ඨ නීති විශාරද මතය විමසා අවසන් තීන්දුවක් ගැනෙන බව ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝ සඳහන් කළේය.