2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ධුරකාලය : විමසීමක් ඕනද? - අාචාර්ය හර්ෂ ද සිල්වා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

රජිත ජාගොඩ ආරච්චි l

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වන බැවින් තම ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ විමසීමක් කිරීම අවශ්‍යද යන්න ගැටලුවක් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දේශයට පැවසීය. 

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයත් එක්සත් ජාතික පක්ෂයේ දායකත්වයත් සමඟින් ජනාධිපති ලෙස තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලය වසර පහක්ද හයක්ද යනුවෙන් තීරණය කිරීම තමාට හෝ එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවුණද එය අතිශය සදාචාරාත්මක කාරණයක් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර හටගෙන ඇතැයි කියන ඝට්ටනය සම්බන්ධයෙන් කළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැතිවරණයක් පවතින සමයක මෙවැනි තත්ත්වයක් ඇතිවීම අතිශය සාමාන්‍ය බවත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති ගරුත්වයේ කිසිදු අඩුවීමක් නොමැති බවත්ය. 

සිය ජනාධිපති ධූර කාලය වසර පහක්ද හයක්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි තීරණය පිළිබඳව දේශය කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.