2018 ජනවාරි 13 වන සෙනසුරාදා

කෝප් කමිටුව බැඳුම්කර වංචාව යළි අවුස්සයි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I ගයාන් ගාල්ලගේ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව සහ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවලට අනුව මහ බැංකුවට ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කර ඇත්දැයි සොයාබැලීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවීමට තීරණය කර ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (දේශයට) පැවසීය.

එම වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවත්, ජනාධිපති කොමිසමත් වාර්තා ලබාදුන් අතර එම වාර්තාවල මහ බැංකුවට සිදුවූ පාඩුව නැවත අයකර ගැනීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගත්, එසේම මින් ඉදිරියට මෙවැනි වංචාවන් සිදුනොවීමට මහ බැංකුව ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේද සම්බන්ධයෙනුත් විමසා බැලීම සඳහා මෙලෙස ඔවුන් කැඳවන බව ඒ මහතා සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා සහ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවීම බැඳුම්කර කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද සිදු කරන අතරතුර සිදු කෙරෙන බව මන්ත්‍රීවරයා කීය.