2018 ජනවාරි 13 වන සෙනසුරාදා

රාජ්‍ය නායකයන් 3ක් ශ්‍රී ලංකාෙව්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

I දේශපාලන වාර්තාකරු

රටවල් තුනක රාජ්‍ය නායකයන් මෙම මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අය අතරින් ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොනිස් මහතා මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඉන්පසු ලබන 23දා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන් මහතාද ලබන 25දා ඉන්දුනීසියානු අගමැති ජෝපෝ-විඩෝඩෝ මහතාද ශ්‍රී ලංකාවට පැමිණෙති.

යහපාලන රජය ජාත්‍යන්තරය සමඟ පවත්වන යහපත් සබඳතා නිසා ජාත්‍යන්තර නායකයන් ශ්‍රී ලංකාව සමඟ ආර්ථික හා දේශපාලන සබඳතා තරකර ගැනීමට උනන්දු වන බැවින් මෙම චාරිකා සිදුවන බව විදේශ අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අවධාරණය කළේය.