2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ගමට එන්නෙත් හවුල් අාණ්ඩු - මනෝ ගනේෂන්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

I ගයාන් ගාල්ලගේ

යහපාලන රජයේ පක්ෂ වෙන වෙනම පළාත් පාලන මැතිවරණයේදී තරග කළත් ගමේ ආණ්ඩු පිහිටුවන්නේ සියලු පක්ෂ එකතුවෙන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දේශයට පැවසීය.

මැතිවරණ වේදිකාවලදී කුමක් ප්‍රකාශ කළත් ගමේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක්ම විය යුතු බවට දැනටම තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

යහපාලන රජයේ එක් පක්ෂයක් පමණක් පළාත් පාලන ආයතන තුළ බලය පිහිට වුවහොත් එහිදී ආණ්ඩුව නියෝජනය නොවන බවත් එවිට සංවර්ධන කටයුතුවලදී බාධා පැමිණිය හැකි බවත් ඔහු කීය.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා යහපාලන රජයට සම්බන්ධ සියලු පක්ෂ එක්ව ගමේ ආණ්ඩුවේ බලය පිහිටුවන බව අමාත්‍යවරයා පැවසීය.