2018 ජනවාරි 06 වන සෙනසුරාදා

අර්ජුනගේ බෑනාගේ සමාගමේ කෝටි 1200 ක් තහනම්!

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 791

I දේශපාලන වාර්තාකරු

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ සුරැකුම්පත්වල හා වෙනත් මූල්‍ය අංශවල ආයෝජනය කර තිබෙන රුපියල් කෝටි 1000ක (රුපියල් බිලියන 10ක) පමණ මුදල් නිදහස් නොකර රඳවාගෙන ඇතැයි දේශයට වාර්තා වේ.

එසේම අදාළ සමාගම විනිමය හා සුරැකුම්පත් කොමිසම යටතේ පාලනය වන කොටස් වෙළඳපොළේ ආයෝජනය කර තිබෙන තවත් රුපියල් කෝටි 200ක පමණ මුදලක් ද එලෙස මහ බැංකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට එම කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

දේශයට වාර්තාවන ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි සමස්ත වත්කම්වලින් රුපියල් කෝටි 1200ක් පමණ මෙලෙස රැඳවුම් නියෝග යටතට පත් කෙරෙණු ඇතැයි වාර්තා වේ.

පසුගියදා ප්‍රකාශයට පත්කළ මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව මෙම අයථා ගනුදෙනුව නිසා රජයට අහිමි වූ මුළු වත්කම රුපියල් කෝටි 1145ක් පමණ වෙතැයි සඳහන් කර ඇත. 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00