2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

මගේ අගේ දැනෙන අය මගේ පිංතූරෙ දාගෙන - මහින්ද රාජපක්ෂ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

l දේශපාලන වාර්තාකරු

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පහක් තමන්ගේ ඡායාරූපය යොදාගෙන ඇත්තේ රටේ ජනමතය ගැන සැබෑ අවබෝධයෙන් යැයි තමන් සිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

ශ්‍රීල.නි.ප.යේ අත ලකුණින්, බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන ඇතැම් අපේක්ෂකයන්ද, පොහොට්ටුව පක්ෂයේ අපේක්ෂකයන්ද තවත් ස්වාධීන කණ්ඩායම් තුනක අපේක්ෂකයන්ද ඡන්ද ප්‍රචාරය සඳහා තමන්ගේ ඡායාරූපය ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම ගැන තමන් පුදුම නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රසිද්ධ වේදිකාවල තමන්ව විවේචනය කරන පක්ෂ ප්‍රධානීන් සිටින පක්ෂවල අපේක්ෂකයන්ද මැතිවරණය සඳහා තමන්ගේ ඡායාරෑපය සිය පෝස්ටර්වල ප්‍රදර්ශනය කර ඇතැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.