I ගයාන් ගාල්ලගේ
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියයට 52%කට වඩා මන්ත්රී ආසන ගණනක් එජාපය ජයගතහොත් තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන ලෙසට පක්ෂයේ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාට යෝජනාවක් ලබාදීමට පසුපෙළ මන්ත්රීවරුන් තීරණය කර ඇතැයි බදුල්ල දිස්ත්රික් එජාප මන්ත්රී චමින්ද විජේසිරි මහතා (දේශයට) පැවසීය.
එලෙස ජයග්රහණය කරන පළාත් පාලන ආයතන තුළ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසට යෝජනාවක්ද සම්මත කර ගැනීමට තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එම යෝජනා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීමටත් ඉන් අනතුරුව එළඹෙන නව වසරේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමටත් අරමුණු කරගෙන ඇතැයි මන්ත්රීවරයා කීය.