
I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකාව 2017 වසර සඳහා අපේක්ෂා කළ 5%ක ආර්ථික වර්ධන වේගය ළඟාකර ගැනීම අපහසු වී ඇතැයි මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.
2017 සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් 5%ක ආර්ථික වර්ධනයක් ලැබෙන බව මුදල් අමාත්‍යවරයා රටට ප්‍රකාශ කර තිබුණි. එහෙත් දැනට ලැබී තිබෙන 2017 ආර්ථික තොරතුරු අනුව වර්ධන වේගය 3.8% ක් පමණ විය හැකි බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. යට කී 5% වර්ධන වේගය ලබා ගන්නට නම් වසරේ එක් කාර්තුවකදී 5%ක පමණ වර්ධනයක් ළඟාකර ගත යුතුය. එහෙත් එම ඉලක්ක සපුරා ගැනීමට ආර්ථිකමය හැකියාවක් ලැබී නැත. 2017 වසරේ අවසන් කාර්තුවේ වර්ධන වේගය 3.1% ක් බව දැනට වාර්තා වී තිබේ.